Demo Site

Tuesday, April 12, 2011

Bittorrent Protocol එක ගැන වදනක්


Torrent ඩවුන්ලෝඩ් කිව්වම ඉතින් අද කාලෙ ඉන්ටනෙට් පාවිච්චි කරන පොඩි එකෙක් උනත් දන්නවනේ. මොනතරම් torrent download කලත් කීයෙන් කීදෙනෙක් දන්නවද torrent download වැඩ කරන හැටි එහෙමත් නැත්නම් මේ bittorrent protocol එක ගැන. දැනගන්න ඔන අයට මෙන්න එහෙනම් විස්තරයක් මගෙන් අවුරුදු තෑග්ගක් විදියට දෙනවා.

torrent files download කරද්දි වැදගත්ම දේ තමයි Bittorrent Protocol එක. Bittorrent Protocol එක කියන්නෙ peer-to-peer file sharing protocol එකක්. peer-to-peer file sharing ගැන කියන්න කලින් මම කියන්නම් සාමාන්‍ය විදියට file එකක් download වෙන සිස්ටම් එක. ඒ කියන්නෙ සාම්ප්‍රදායික Client-Server Downloading වෙන්නෙ මෙන්න මෙහෙමයි.
1.Web page එකට ගිහින් තමන්ට Download කරන්න ඕන ලින්ක් එක උඩ ක්ලික් කරනව
2.Browser එක(Client) අදාල file එක තියන computer එක(Server) ට කියනව මේ file එක ඕන කියල.
3.එතන ඉඳන් වැඩේ කරගෙන යන්නෙ protocol (a set of rules) එකක් මගින්. (HTTP/FTP වගේ) .



මේ ක්‍රමයෙ අඩුපාඩු ගොඩක් තියනව. ඒව මගහරින්න පුලුවන් විකල්ප ක්‍රමයක් විදියට තමයි peer-to-peer file sharing ක්‍රමය බිහිවෙන්නෙ.

Peer-to-Peer
මේ ක්‍රමයෙදි browser එකට වඩා අමතර software එකක් ඕන කරනව. clients ලා ගොඩක් විසින් තනි file එකක් බෙදා හදාගෙන සහයොගයෙන් download කරන්න උදව් කරන්නෙ මේ software එකෙන් තමයි.

මෙන්න මේ ක්‍රමය මූළික කරගෙන තමයි Bittorrent Protocol එකත් බිහිවෙන්නෙ.Bram Cohen කියන පරිගනක විශේෂඥයා විසින් 2001 දි තමයි මුලින්ම මේ ප්‍රොටෝකෝල් එක නිර්මානය කරන්නෙ.

Bram Cohen

Bittorrent Protocol ක්‍රමයේ විශේෂත්වය වෙන්නෙ තනි මූලාශ්‍රයක් (single source) මත පදනම් නොවීම. ඒ කියන්නෙ තනි සර්වර් එකක් මත යැපෙන්නෙ නැතුව clients ලා සහයෝගයෙන් තම තමන් ලඟ තියන අදාල file එකේ කොටස් බෙදාහදා ගැනීම. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.

අපි හිතමු ඔයා ලඟ තියනව හොඳ ෆිල්ම් එකක්(700 MB විතර). මේක share කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන .torrent file එක හදන එක. මේ .torrent file එකේ තමයි ඔයාගෙ source file එකට අදාල හැම දත්තයක්ම තියෙන්නෙ. ඊ ලඟට 700 MB තනි file එක සමාන කොටස් වලට කඩනව මුලින්ම 1MB වගේ pieces (කොටස් 700කට). මේ හැම කොටසකටම අදාල තොරතුරු .torrent file එකේ ගබඩා කරනව. දැන් ඔයාගෙ film එක download කරන්න ඕන කෙනෙක් මුලින්ම .torrent file එක download කරගන්න ඕන.
ඊට පස්සෙ Bittorrent,µTorrent වගේ client software එකක් හරහා .torrent file එක open කරන්න ඕන. එතන ඉදන් film එක download කරන වගකීම පැවරෙන්නෙ client software එකට තමයි. source file එකෙන් කොටස කොටස බැගින් download
කරගන්නවා. මේ හැම කොටසක්ම(pieces) cryptographic hash කියන hashing ක්‍රමයට ආරක්ශා කරලයි තියෙන්නෙ(වැඩිය හිතන්න එපා ).
සම්පූර්ණ source file එක තියෙන්නෙ ඔයා ලඟ නිසා ඔයාට කියන්නෙ seeder කියල. ඔයාගෙන් ගන්න කෙනාට කියන්නෙ leecher කියල. කවුරුහරි leecher කෙනෙක් ඔයාගෙන් සම්පූර්ණ කොටස් ටික ගත්තට පස්සෙ එයාත් seeder කෙනෙක් බවට පත්වෙනව. විශේෂම දේ තමයි leecher කෙනෙක් දැනට අරගෙන තියන කොටස් වලින් තවත් leecher කෙනෙකුට download කරගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ යම් මොහොතක seeder offline උනත් වැඩි කොටස් ගානක්
තියන leecher කෙනෙක්ට පුලුවන් අනිත් අයට සේවය දෙන්න.මේ leechers,seeders ලා රොත්තට කියන්නෙ swarm එකක් කියල. හැබැයි seeder කෙනෙක් නැතුව කවදාවත් සම්පූර්ණ torrent එකක් බාගන්න බෑ.swarm එකකට අඩු තරමින් එක seeder කෙනෙක්වත් ඉන්න ඕන.

ඔයාල අහල ඇති torrent tracker ගැන. tracker කියන්නෙ යම්කිසි torrent එකක් මෙහෙයවන central server එකකට. tracker තමයි client software එකට මග පෙන්වන්නෙ. ලෝකෙපුරා විසිරිලා ඉන්න leechers ,seeders ගැන තොරතුරු දන්නෙ tracker තමයි.
හැබැයි tracker කරන්නෙ සම්බන්ධීකරනය කරන එක විතරයි. ඔයලගෙ torrent එකක් download කරගන්න ගොඩක් අමාරු වෙලාවට අමතර trackers ලා එකතු කරගත්තොත් සෑහෙන්න දුරට වේගය වැඩි කරගන්න පුලුවන්. (ඒකත් කියල දෙන්නම්)


සරලම විදියට කිව්වොත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ


Creative Commons License
Bittorrent Protocol ගැන by Jolly_Roger is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at www.elakiri.com.

Saturday, April 9, 2011

Blu-Ray කියන්නෙ මොනවද


Blu Ray Discs(BD) ගැන තමයි මේ කියන්න යන්නෙ. මේකට Blu-ray කියන්නෙ මේ discs කියවන්න පාවිච්චි කරන්නෙ blue laser එකක් නිසා(සාමාන්‍ය DVD කියවන්න භාවිතා කරන්නෙ රතු පාට ලේසර් එකක්). හැබැයි පටලව ගන්න එපා මේක Blue-Ray නෙමෙයි Blu-ray.



2006 වර්ෂයේ මුලින්ම හඳුන්වල දීපු මේ තාක්ෂණය චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරලියක් ඇති කලා කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නෙ මේ ඩිස්ක් එකක ගබඩා කරන්න පුලුවන් දත්ත ප්‍රමාණයයි. ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත රූප සහ හඬ ඇතුලත් (high-definition video and audio) චිත්‍රපට වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න Blu-Ray තාකෂණය යොදාගන්නව.
BRrip, BDRip එහෙම බලන නිසා දන්නව ඇතිනේ කොලිටිය



සාමාන්‍ය DVD එකක ගබඩා කරන්න පුලුවන් 4.7 GB වගේ දත්ත ප්‍රමාණයක් බව අපි කවුරුත් දන්නව. ඒත් මේ Blu-Ray ඩිස්ක් එකක 25-50 GB අතර දත්ත ගබඩා කරන්න පුලුවන්.

Blu-ray Disc Association කියන පරිගනක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කණ්ඩායම විසින් හඳුන්වල දීපු මේ ඩිස්ක් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියනව
1. Single Layer Blu-ray Disk
2. Double Layer Blu-ray Disk

සාමාන්‍යයෙන් Single Layer Blu-ray Disk එකක 25 GB වගේ දත්ත ගබඩා කරන්න පුලුවන් වගේම Double Layer Blu-ray Disk
එකක 50GB විතර ගබඩා කරන්න පුලුවන්.

සාමාන්‍ය CD හෝ DVD තැටියක ප්‍රමානයටම හදල තිබුනට මේ ඩිස්ක් වල High-definition contents ගබඩා කරන්න පුලුවන්. උදාහරණයක් විදියට 1,920 x 1,080
වගේ resolution තියන ඉහල bit rate එකේ වීඩියෝ ගබඩා කරන්න පුලුවන්. දැනටමත් ගොඩක් චිත්‍රපටි Blu-ray ඩිස්ක් වල ගබඩා කරනව.
මේ නිසා ඉතාමත්ම ඉහල රසවින්ඳනයක් ලබාගන්න පුලුවන්. හැබැයි Blu-ray ඩිස්ක් ධාවනය කරන්න විශේෂ drive එකක් ඕන.



සාමාන්‍ය DVD එකකට වඩා Data Layer එක මතුපිටට ආසන්න නිසා බාහිර දේවල් වලින් ඩිස්ක් එක හානි වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි TDK එකෙන් මේකට විසඳුමක් දැනටමත්
හොයාගෙන තියනව. ඒ තමයි scratch-protection coating එක. මේ වගේ තව එක එක විදියෙ තාක්ෂණික ක්‍රම Blu-ray Disk නිශ්පාදකයො හොයාගෙන තියනව.

Blu-ray Disk වල තොරතුරු ගබඩා කරන්නෙ ප්‍රධාන වශයෙන්ම Universal Disk Format (UDF) 2.50 කියන standard එකෙන්.

Friday, April 8, 2011

Google දෙයියා වැඩ කරන හැටි(How Google Works)


මම කලින් Facebook වැඩ කරන හැටි කිව්වනේ. මේ කියන්න යන්නෙ FB එකටත් වඩා අපි කාටත් වැදගත් Google Search Engine එක ගැන. ලෝකෙ පුරා Search Engines අතරින් අංක එක ඒ කියන්නෙ 72% කට වඩා Google Search Engine එක තමයි පාවිච්චි කරන්නෙ.


ගොඩක් අයගෙ හෝම් පේජ් එකත් Google තමයි දාල ඇත්තෙ.
ඇත්තටම Google Search Engine වගේ ඒව නැති උනා නම් අපිට තොරතුරු හොයාගන්න විදියක් හිතාගන්නත් අමාරුයි.
සාමාන්‍යයෙන් Search Engine එකක් අන්තර්ජාලයෙ තොරතුරු හොයන්න භාවිතා කරන්නෙ විශේෂ algorithm එකක්.
මේ algorithm එක මත තමයි Search Engine එකක පැවැත්ම රඳා පවතින්නෙ. ඒ කියන්නෙ search result එකක නිවැරදිතාව, වේගවත්බව වගේ වැදගත් සාධක ඔක්කොම පාලනය කරන්නෙ මේ algorithm එකෙන්. සෑම Search Engine එකකටම එම ආයතනය විසින් දියුනු කරපු වගේම සැමවිටම update කරන specific algorithm එකක් තියනවා. Google Search Engine එකේ මේ algorithm එක සෑම විටම රහසක් විදියට තියාගන්න තමයි Google කට්ටිය උත්සාහ කරන්නෙ. මොකද අනිත් Search Engine එක්ක තරඟයක් තියන නිසා.

මම කියන්න යන්නෙ Google එකෙන් දැනට හෙළිකරල තියන තොරතුරු ටිකක්.
ගොඩක් Search Engine වගේ Google එකත් Keywords Indexing තාක්ෂණය තමයි පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ හරියට පටුනක් වගේ අදාල වචන(keywords) sort කරල ඒව තියෙන්නෙ කොතනද කියල සටහන් කරගෙන ඉන්නෙ(IT කරන කට්ටිය නම් indexing ගැන දන්නව).
මේ වචන අන්තරජාලයෙන් සොයාගන්න Google එක පාවිච්චි කරන්නෙ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක්. Search Engine Spiders හෝ Crawlers කියල තමයි මේවට කියන්නෙ. අපි හිතමු ඔයාල අලුත් වෙබ් සයිට් එකක් හදල ඒක හොස්ට් කලා කියල. ඊට පස්සෙ ඒක Google Search Engine results වලට ඇතුල් වෙන්න නම් එයාල දෙන විශේෂ code එකක් ඔයාලගෙ සයිට් එකට දාන්න ඕන(web කරන අය දන්නව Search Engine Optimization-SEO කිව්වම).
මෙන්න මෙහෙමයි ගූගල් එකට අපේ සයිට් එකතු කරන්නෙ.


ඊට පස්සෙ Search Engine Spiders ලා සයිට් එකට ඇවිල්ල මුළු සයිට් එකම පීරල ඒකෙ තියන keywords,links වගේ ඒව සේරම analyse කරල indexer එකට යවනව.
දැන් කවුරුහරි කෙනෙක් ඒ keyword එක search කලොත් ඔයාලගෙ සයිට් එකත් result වලට පෙන්නනව. හැබැයි ඒ results දහස් ගනනක් අතරින් එකක් විදියට. මුල් පිටුවට එන්නෙ ගොඩක්ම ජනප්‍රිය සයිට්. ඇත්තටම මේ Results වල අනුපිළිවෙල තෝරන්නෙත් algorithm එකකින්. මේ algorithm එකට කියන්නෙ PageRank කියල. හැම වෙබ් පිටුවකටම ස්කෝර් එකක් දෙනව සාධක කීපයක් පදනම් කරගෙන.
* The frequency and location of keywords within the Web page: If the keyword only appears once within the body of a page, it will receive a low score for that keyword.

* How long the Web page has existed: People create new Web pages every day, and not all of them stick around for long. Google places more value on pages with an established history.

* The number of other Web pages that link to the page in question: Google looks at how many Web pages link to a particular site to determine its relevance.

උදාහරණයක් විදියට wikipedia එකට ගොඩක් සයිට්ස් වලින් ලින්ක් වෙනවනම් විකිපීඩියා එකේ රෑන්ක් එක වැඩිවෙනව. ඒකියන්නෙ Results වල මුලටම එනව.

Google Indexer ගැන කතාකලොත් Search Engine Spiders ලා එවන text ඔක්කොම පිළිවෙලකට හදලා (sort) index database
එකේ තමයි ගබඩා කරල තියෙන්නෙ. search performance වැඩි කරන්න ඕන නිසා the, is, on, or, of, how, why වගේ වචන ඉලක්කම් වගේ ඒව ඉන්ඩෙක්ස් එකට ඇතුල් කරන්නෙ නෑ. ඒ වගේම සේරම අකුරු lowercase එකට හරවල තියෙන්නෙ.

මෙන්න මේ රූපෙ බැලුවම තේරෙවි.


ඒ වගේම Results වලට දකුණු පැත්තෙ ads දාල තියනව දැකල ඇති. මේ ඇඩ්ස් අහම්බෙන් එන ඒව නෙමෙයි. හැමතිස්සෙම අපි හොයන
දේට අදාල ඇඩ්ස් තමයි පෙන්නන්නෙ. තව ගොඩක් දේවල් නම් තියනව කියන්න. ඒත් කොටන්න ගියාම එපා වෙනව.
මෙන්න මේ වීඩියෝ එක බලන්න. ගූගල් ඉංජිනේරුවෙක් තමයි මේක පැහැදිලි කරන්නෙ.



ඔන්න ඕකයි සිද්ධිය

Face Detection - කොහොමද වැඩ කරන්නේ

Face Detection: How does it work?


කවුරුත් දැකලා ඇති නේ අලුත් digital camera වල තියන Face Detection technology එක.ඒත් ඒක වෙන්නෙ කොහොමද කියලා දන්නවද?
මේ හැම digital camera එකකම තියනවා Processors සහ Sensors කියලා දෙජාතියක්.ඇත්තටම කිව්වොත් මේකත් පුංචි computer එකක් තමයි.මේ කියන Processors සහ Sensors හසුරුවන්න digital camera එක ඇතුලේ තියනවා පුංචි පහේ Operating System එකකුත්. Face Detection වැඩ කරන්නෙත් මේ අයගෙ උදව්වෙන් තමයි.

digital camera එකක් නිශ්පාදනය කරද්දි එයාලා මේ
digital camera එකේ Database එකකට මිනිස් මුහුණු වල හැඩතල,අනුරූ(facial structures) මිලියන ගනනක් ඇතුලත් කරනවා.
එයින් කීපයක් තමයි මේ

- Structure of eyes(ඇස් පිහිටන ආකාර)
- Structure of nose(නාසය පිහිටන ආකාර)
- Distance of eyes to nose(නාසය හා ඇස් අතර තිබිය හැකි දුර ප්‍රමාණ)
- Face size(මුහුණු වල ප්‍රමාණ)
- Color temprature of skin tones
(මේකෙන් හමේ පාටවල් අඳුනගන්න පුලුවන්- වැඩි විස්තර ඔන්නම් http://www.scribd.com/doc/12231045/Y...or-Temperature)


වැදගත්ම දේ තමයි Face Detection Algorithm එක. මේක නිශ්පාදකයා අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද තරඟකාරිත්වය අනුව හොඳම Face Detection Algorithm එක හදන්න තමයි කවුරුත් try එක.
මුලින්ම camera එක තමා ඉදිරියේ තියන දේ( frame එකක්) input එකක් විදියට අරගෙන database එකේ තියන structures එක්ක සසඳලා බලනවා.හරියන ඒවා තිබුනොත් තමයි ඒවා අපිට focus කරලා කොටු කරලා පෙන්නන්නේ.
මේ වැඩේට බාධා වෙන දේවලුත් තියන්වා
ඒවා තමයි
- Low light situations
- Subjects not facing the camera
- Distance between two subjects very high
දැනටමත් ගොඩාක් නිශපාදකයින් මේ ගැටළු වලට විසඳුම් සොයනවලු. අනාගතෙයෙදි මේවා ගැටලුවක් වෙන එකක් නෑ කියලා හිතෙනවා...

ADSL ගැන දන්නවද ? (All About ADSL)

මම හිතුවා අන්න ඒ අය වෙනුවෙන් ADSL ගැන පොඩි විස්තරයක් කියන්න.ADSL එන්න කලින් අපි පාවිච්චි කලේ dial-up modem(~56Kbps)තවත් විදියකට කියනව නම් ISDN නේ. පාවිච්චි කරපු කට්ටියට මතක ඇති ෆොටෝ කෑල්ලක් ලෝඩ් වෙනකං පැය ගානක් බලන් ඉන්න ඕන.

මෙන්න මේ අතරේ තමයි දෙයියො බැලුව වගේ SLT එකෙන් ADSL දෙන්න පටන් ගත්තෙ. ඇත්තටම ADSL එක්ක ලංකාවෙ internet usersලා සිය දහස් ගනනකින් වැඩි උනා කිව්වොත් බොරුවක් නෙමෙයි නේ. ඒ වගේම dial-up වල නොතිබුන ගුණාත්මක, ඉහල වේගයකින් යුතු පුළුල් පරාස(Broad Band) internet සබඳතාවක් ලැබුනා.

මොකද්ද මේ ADSL කියන්නේ ?

ADSL-Asymmetric Digital Subscriber Line

Asymmetric කියන්නෙ අසමමිතික. ඒකට හේතුව තමයි ADSL line
එකක Upload සහ Download bandwidth අසමාන වීම. වැඩිපුර
download වලට ඉඩ දීලා upload bandwidth එක අඩු කරල තියෙන්නෙ අපි ගැනම හිතලමයි. උදාහරණයක් විදියට 512kbps connection එකේ upstream එක 128kbps වගේ.



Digital කිව්වම දන්නවනේ තොරතුරු හුවමාරු වෙන්නෙ digital ක්‍රමයට(වැඩිය කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි
Subscriber line එකක් කියන්නෙ මේ සේවාව දැනට තියන telephone line පාවිච්චිකරල අපේ ඇඩ්ඩ්‍රස් එකටම වෙනම connection එකක් දෙන නිසා.දැනට තියන public switched telephone network(PSTN)එකම පාවිච්චි කරලා broad band connection එකක් දෙන්න පුලුවන් වීම ADSL වල තියන ලොකුම වාසියක්. ඒ වගේම telephone එකයි internet එකයි දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුලුවන්.
ඔයාලගේ ලඟ තියන ADSL modem එක හෝ router එක තඹ කම්බි දෙකක් හරහා සම්බන්ධ වෙන්නෙ ලඟම තියන telephone exchange එකේ තියන multiplexer එකකට. මේ multiplexer එකෙන් තමයි frequency එක අවශ්‍ය විදියට බෙදලා එයාලගෙ network එක හරහා යවන්නෙ.ඒ වගේම ඔයාලගෙ ලඟ තියන splitter එකෙන් කරන්නෙත් voice සහ data line වෙන් කරන එක. තවත් වාසියක් තමයි dial-up වල වගේ හැමතිස්සෙම dial කර කර ඉන්න ඕන නෑ.





ADSL ඇරුනම තවත් Digital Subscriber Lines වර්ග කීපයක් තියනවා.HDSL,SDSL,IDSL,VDSL,RADSL වගේ ඒවා විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා.

ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.

ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා
තවත් වැඩි විස්තර කියන්න ගියොත් technical words අම්බානක් දාන්න වෙනවා. එතකොට කාටත් තේරෙන එකක් නෑ නේ.
ඒක හින්දා ඔන්න සරලවම කියන්න පුලුවන් ටික කිව්ව.

Games ගහනව නේද ? එහෙනම් මෙන්න

ගේම්ස් ගහන කට්ටිය නම් මේ ගැන දන්නවා ඇති.අපේ කට්ටිය හැමෝම වගේ ඩවුන්ලෝඩ් කරගන්නෙ crack කරපු ගේම්ස් නේ.(cracking කියන්නෙ software,games වගේ ඒවායෙ තියන copyright protections අයින් කරන එකට).

අළුතෙන් ගේම් එකක් release උන ගමන්ම සමහරවිට ඊටත්
කලින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒත් මේ ගේම්ස් හදන්නෙ නම් නොමිලෙ දෙන්න නෙමෙයි. සල්ලි දීලා ගන්න ගියොත් අපි කීයෙන් කීදෙනෙක් ගනීවිද ?
මෙන්න බලන්න ගනන්

Call of Duty: Modern Warfare 2 -$39.99 = ~4500 Rs
Need for Speed Hot Pursuit -$49.99 = ~5500 Rs
Crysis 2 -$56.99 = ~6300 Rs


එහෙනම් කොහොමද අපිට නිකන්ම ලැබෙන්නෙ? අන්න ඒ වෙලාවට තමයි crackers ලා අපේ පිහිටට එන්නෙ. software cracking කියන්නෙ නීති විරෝධී දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. තනි පුද්ගලයෝ වගේම කණ්ඩායම් වශයෙනුත් මෙයාලා වැඩ කරනවා. ඒ අතරින් SKIDROW,RAZOR 1911 වගේ groups ගොඩක් ජනප්‍රියයි. මොකද මෙයාලගෙ වැඩ සුපිරියි.

මම මේ කියන්න යන්නෙ අන්න ඒ සෙට් එකක් ගැන. මේ සෙට් එක
කවුරුත් දන්නෙ Razor 1911 කියන නමින්.


මේ සෙට් එක මුලින්ම වැඩ පටන් ගත්තෙ 1985 දි. Razor 2992 කියන නමින් Doctor No, Insane TTM සහ Sector9 කියන තුන් දෙනා නෝර්වේ වල තමයි පටන් ගත්තෙ.හැමෝම බොරු නම් වලින් තමයි ඉන්නෙ.පස්සෙ කාලෙක group එකේ නම Razor1911 කියල වෙනස් කලා. කාලෙන් කාලෙට මෙයාලගෙ leaders ලා හිටියා. ඒ අතරින් Zodact, The Renegade Chemist (TRC), The WiTcH KiNG, Butcher, SwiTch, Marauder,PitBull සහ Randall Flagg වගේ අය ඉතාමත් දක්ෂ අය.
Zodact කියන්නෙ Razor1911 ඉහලටම ගේන්න මුල් වුන පුද්ගලයෙක්. ඇමරිකාවෙ ඉඳන් Razor1911 කණ්ඩායමට Games release වෙන්නත් කලින්ම සපයන්න Zodact ට පුලුවන් වුනා. ඒ නිසා සමහර games release වෙන්නත් කලින්ම crack කරන්න Razor1911 හැකිවුනා. හැබැයි හිටි ගමන් Zodact අතුරුදහන් වෙලා.

මේ තියෙන්නෙ එයාලගෙ වැඩ වලින් ටිකක්

On July 23, 1996, Razor 1911 released Quake the day after its release. It was the first game supplied by The Punisher.

On October 14, 2006, Razor 1911 released Battlefield 2142 to the scene four days before its official release.

In 2007, Razor 1911 was the first group to successfully crack a Windows Vista-only game, ShadowRun, to run on Windows XP. This event proved to support the widely-held belief that Microsoft was trying to release most new games for Vista only in order to boost sales of their operating system. Others made patches for Microsoft's PC game Halo 2, that Razor 1911 released before.

On November 11, 2007, Razor 1911 cracked and released the European version of Crysis five days before its official store launch date.

On December 7, 2008, Razor 1911 released Grand Theft Auto IV five days after its release. In the process they managed to crack the SecuRom protection. Although a fix included in the 1.0.2.0 patch impaired functionality for players using cracked versions of the game (such as the inability to finish certain storyline missions and disabled in-game computer functions), the group still managed to provide a complete workaround.

On May 28, 2009, Razor 1911 released The Sims 3, two weeks before the official release of the game. Although it did have an error, Razor 1911 released the fix for it.

On November 10, 2009, Razor 1911 was the first to release Call of Duty: Modern Warfare 2 with a working crack for the PC. Although they had very little experience in cracking Steam games, they made the release playable, but only with a steam account. Hours later SKiDROW released a non-steam version of the game.

On November 20, 2009, Razor 1911 was the first again to release Left 4 Dead 2.

On January 21, 2010, Razor 1911 released Mass Effect 2, five days before the official release of the game.

On February 8, 2010, Razor 1911 released Bioshock 2, one day before the official release of the game.

On February 16, 2010, Razor 1911 released Aliens vs. Predator, 3 days before the official release of the game.

On February 23, 2010, Razor 1911 released Napoleon Total War (video game), 3 days before the official EU release of the game. The same day as the American release of the game.

On March 2, 2010, Razor 1911 released Supreme Commander 2 (video game), same day as official release of the game.

On March 11, 2010, Razor 1911 released Warhammer 40000 Dawn Of War II Chaos Rising the day after official release of the game.

On April 27, 2010, Razor 1911 released The Settlers 7, claiming to be the first to crack the new DRM by Ubisoft requiring a permanent internet connection.

On July 31, 2010, Razor 1911 released a StarCraft II proper release with a working single-player "skirmish" mode.

On September 21, 2010, Razor 1911 released the F1 2010 (video game) 4 days before the official EU release of the game. The same day as the American release of the game.

On November 16, 2010, Razor 1911 released the Harry Potter and the Deathly Hallows (video game), one day before the official release of the game.

On December 6, 2010, Razor 1911 announced that they would host a mirror for WikiLeaks at http://wikileaks.razor1911.com/

කොහොමද වැඩ ? මෙතන නොකියපු සෑහෙන්න තියනවා.

හැබැයි මේවා කරන්න ගිහින් මේ gruop එකේ කීප දෙනෙක්ම හිරේත් ගිහින් තියනව.

Shane E. Pitman("Pitbull") 2001 දි කරපු Operation Buccaneer කියන මෙහෙයුමේදි බළධාරීන්ට කොටු උනා.
මෙයා හිටපු නායකයෙක් මාස 18 ක් හිරේ හිටියා.
Sean Michael Breen මාස 50 කට හිරේ.
කොච්චර අය හිරේ දැම්මත් මෙයාලා වැඩ නවත්තන්නෙ නෑ.
මොකද පුද්ගලයො අල්ලලා හිරේ දැම්මට වැඩක් නෑ.

මේ තියෙන්නෙ
Razor 1911 official web site එක
http://www.razor1911.com/

හැම විස්තරයක්ම මේකෙ තියනවා.

නීතියට විරුද්ධ උනත් මෙයාලා අපිට කොච්චර නම් සේවයක් කරනවද...

Personality හෙවත් පෞරුෂය


 මේ කියන්න යන්නෙ ගොඩක් අයට ගොඩක් තැන්වලදි ප්‍රශ්නයක් වෙන පෞරුෂත්වය ගැන.පොඩි කාලෙදි එච්චරම පෞරුෂත්වයේ අඩුවක් දැනෙන්නෙ නැති උනාට වැඩිහිටියෙක් විදියට සමාජයට මුහුණ දෙන්න යනකොට තමයි තමන්ගෙ පෞරුෂත්වයෙ අඩු පාඩු තේරෙන්නෙ. මටත් මේක තේරෙන්න ගත්තෙ interviews,presentations වගේ ඒවා කරන්න ගියාට පස්සෙ තමයි.
කාටත් වැදගත් වේවි කියල හිතෙන විස්තර ටිකක් දාන්න හිතුවා.මොකද ඔයාලගෙ ජීවිතේ සාර්ථකත්වය සහ සතුටෙන් 90% ක් විතර රඳාපවතින්නෙ සමාජය ඔබව දකින ආකාරය අනුව.

මොකක්ද මේ පෞරුෂත්වය කියන්නෙ ?
සරලවම ගත්තොත් තමන් හිතන විදිය,තමන්ට දැනෙන විදිය වගේම ඒවට ප්‍රතිචාර දක්වන විදිය
කියල කියන්න පුළුවන්.මේක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්.
The "personality" is the typical pattern of thinking, feeling, and behaviors that make a person unique.

හොඳ පෞරුෂත්වයක් තියන තැනැත්තා හරිම ප්‍රියමනාපයි,සිත්ගන්නා සුළුයි වගේම හරිම ප්‍රසන්නයි.
ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න, ආශ්‍රය කරන්න ඕනම කෙනෙක් දෙවරක් හිතන්නෙ නෑ.
මෑතක් වෙනතුරුම විශ්වාස කලේ පෞරුෂත්වය කියන එක වෙනස් කරන්න බෑ කියල. ඒත් දැන් දන්නවා අපිට අවශ්‍ය විදියට අපේ ගුණාංග වර්ධනය කරගන්න පුලුවන්. ඒ කියන්නෙ අපේ චරිතයේ තියන දුර්වලතා හඳුනාගෙන ඒව නැති කරගන්න පුලුවන්. කැමති නම් කරල බලන්න මෙන්න මේ ටික.

1.තමන්ගෙ දුර්වලතා හදුනාගන්න.
තමන්ගෙන්ම අහල බලන්න දුර්වලතා මොනවද කියල.තමන් කවුද කියල හරියටම අඳුනගන්න.
සමහර දේවල් අපි දැන දැනමත් හදාගන්නෙ නෑ.
සමාජය ඉස්සරහට යන්න ලැජ්ජාවක්, පසුබෑමක් දැනෙනව නම් ඒ මොකද කියල බලන්න. තමන්ගෙ
අඩුපාඩුවක් තේරෙනව නම් ඒක ගැන ළඟම මිතුරෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතාකරල අදහස් ගන්න.
ඊට පස්සෙ ඒ අඩු පාඩුව හදාගන්න පුලුවන් එකක්නම් ඉක්මනින්ම හදාගන්න. මතක තියාගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ.

2.හොඳින් අනුන්ට ඇහුම් කන්දෙන්න
කවුරුවත් කැමති නෑ ඕනවට වඩා කතා කරන අයට. අනෙක් කෙනාටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.
ඒකෙන් කියන්නෙ නෑ කතානොකර ඉන්න කියල.


3. කියවන්න,දැනුම පුළුල් කරගන්න.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. හැම දෙයක් ගැනම කියවන්න. අතට අහු වෙන ඕනම දෙයක්. මොකද දෙයක් ගැන දැනගත්ත කියල කවදාවත් අපතෙ යාමක් නෑ.


4.කතාවෙහි දක්ෂයෙක් වෙන්න(good conversationalist).
කතාකරන්න ඕන තැනදි දක්ෂ විදියට කතාකරන්න පුරුදු වෙන්න.හරියට මාතෘකාවට අදාලව කතාකරන්න.අන්න එතනදි කියවලා ලබා ගත්තු දැනුම වැදගත් වේවි.ඒ වගේම අනුන්ගෙ අදහස් වලට ගරු කරන්න.කොච්චර වැරදි බව පෙනුනත් ඒවට හිනා වෙන්න යන්න එපා. කාරුණිකව පහදල දෙන්න පුලුවන් නම් හොඳයි.මතක තියාගන්න හැමවිටම තමන් නිවැරදි නෑ කියල.තවත් දෙයක් තමන්ගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව(presentation skills)
දියුණු කරගන්න.තමන් හරි නම් අනුන් මොනව හිතයි ද කියල හිතන්න යන්න එපා..


5.ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න- Be Positive
මේක ඉතාමත් වැදගත්. මොකක්හරි වැඩක් කරන්න ගියාම බැහැ කියල පටන් ගන්න එපා.කොහොමහරි කරනවා කියල හිතන්න. නොකෙරෙන විදියට නෙමෙයි කෙරෙන විදියට හිතන්න.ධනාත්මකව කතාකරන්න. ආත්මාර්ථකාමී නොවී අනුන් ගැනත් ධනාත්මකව සුබවාදීව හිතන්න.හැබැයි අම්ම තාත්ත ඇරෙන්න කිසිම කෙනෙක් ගැන 100% ක් විශ්වාස කරන්න එපා.


6.අනෙක් අයට උදවු කරන්න.
උදව්වක් ඕන කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නම් අනිවාර්යෙන්ම කරන්න.හොඳ දේවල් විතරයි.ඒකෙන් අපතේ යාමක් වෙන්නෙ නෑ. හැබැයි උදව්වක් කරල අනිත් පැත්තට ආපහු උදවු බලාපොර්රොත්තු වෙන්න එපා.තමන්ගෙ දැනුම සාර්ථකත්වය බෙදා හදාගන්න.


7.තමන්ට නැති දේවල් ගැන දුක් වෙන්න එපා.
තමන්ට තියන දේවල් ගැන සතුටු වෙන්න.නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ. උත්සාහ කලොත්
නැත් දේවල් ලබාගන්න පුලුවන්. නොපසුබට උත්සාහය දියුනුවට අත්‍යවෂ්‍යයි.

8.සැම විටම සිනාවෙන් ඉන්න.
මොන කරදර තිබුනත් හිනාවෙලා ඉන්න බලන්න.හැම තිස්සෙම මූණ එල්ලගෙන ඉන්න කෙනෙක්ට කවුරුවත් කැමති නෑ. අඩු තරමින් දවසට 3 පාරක්වත් කණ්ණාඩියෙන් මූන බලලා තමන් එක්කම හිනා වෙන්න.
විහිළුවක් නෙමෙයි facial feedback theory කියල එකක් තියනවා. ඒ කියන්නෙ තමන්ගෙ මූනෙ ඉරියවු වලින් මොලයේ හැඟීම් වෙනස් කරන්න පුලුවන්.


මෙන්න මේ ටික කරල බලන්නකෝ..අනිවාර්යෙන්ම ගොඩ යනවා. මේක කියවල අමතක කරල දාන්න එපා.
තමන්ගෙ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න. අද සිටම වැඩේ පටන් ගන්න. සුබ ගමන්.

Virus , Virus.. දන්නවද වයිරස්


virus ගැන දන්නවද?


මේ කියන්න යන්නෙ අපිට හැදෙන ලෙඩ ගැන නෙමෙයි. අපේ computer වලට හැදෙන ලෙඩ ගැන.computer virus කිව්වම කවුරුත් දන්නවා. මොකද අපි කාටත් මේ ගැන අත්දැකීම් තියනවා අනිවාර්යෙන්ම.

සාමාන්‍ය ව්‍යවහාරයේදී virus කියලා හැමෝටම කිව්වට මේ හානිකර වැඩසටහන්(malicious programs)
වර්ග කීපයක්ම තියනවා.
ප්‍රධාන වශයෙන්ම
Virus
Trojan Horse
Worm
කියන කාණ්ඩ 3 තමයි තියෙන්නෙ.

මුලින්ම බලමු virus එකක් කියන්නෙ මොකද්ද කියල. virus එකක definition එක තමයි මේ.
A computer virus is a small program written to alter the way a computer operates,
without the permission or knowledge of the user.


සරලව කිව්වොත් අපේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව අපේ computer එක පිස්සු නටවන එක තමයි virus වලින් කරන්නෙ.
Trojan සහ Worm වලින් virus වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු දෙක නිසා
1.තනිවම ක්‍රියාත්මක(execute) වීමේ හැකියාව. එමෙන්ම බොහෝවිට වෙනත් දන්නා වැඩසටහනක්(program) ලෙස පෙනී සිටීම.
2.තනිවම ප්‍රචාලනය(replicate) වීමේ හැකියාව. උදාහරණයක් විදියට අනෙක් exe files වෙනුවට මෙයා replace වෙනවා.

ඔයාලත් දන්නවා ඇති virus guard එකකින් virus එකක් ඇල්ලුවාම PC එකේ තියන ගොඩාක් exe files , virus guard එකෙන් delete කරල දානව. ඒකට හේතුව තමයි ඒ exe files විදියට බොරුවට පෙනී ඉන්නෙ මේ virus.සමහර virus ගොඩක් හානිකරනවා. Hard එක format කරනවා,files delete කරනවා වගේම අපේ programs
වලට damage කරනවා.ඒත් සමහර virus එතරම් හානිකර නෑ. ඒවා නිකන්ම තමන්ගෙ copy හද හද ඉන්නවා. හැබැයි ඒකෙන් වෙන්නෙ
අපේ Hard එක පිරෙනවා වගේම memory එක පිරිල system crash වෙන්න බලනවා.

හඳුනාගත් virus වර්ග 5 ක් තියනවා.
1.File infector viruses
මේවා ප්‍රධාන වශයෙන් infect වෙන්නෙ program files වලට. ඒ කියන්නෙ .com සහ .exe වගේ files වලට.

2.Boot sector viruses
මේකෙන් අපේ computer එකේ Boot sector එකට හානි කරනවා. OS එක මොකක් උනත් මේවායින් ගැලවෙන්න ටිකක් අමාරුයි.
මොකද මෙයාට වැඩ කරන්න OS එකේ උදව් අත්‍යවශ්‍ය නෑ. සාමාන්‍යෙන් DOS ඉලක්ක කරගෙන තමයි මේවා හදන්නෙ.ඒත් අනිත් ඒවට උනත් හානිවෙන්න පුලුවන්.

3.Master boot record viruses
කලින් එක වගේම තමයි. වෙනස තියෙන්නෙ store වෙන location එකේ තමයි.

4.Multipartite viruses (also known as polypartite)
මෙයා හරිම අමාරු කාරයෙක්. මොකද files වගේම Boot sector එකටත් එකවර attack කරනවා. clean කරන්නත් අමාරුයි.
ඇයි Boot sector එක clean කරලා boot කලා කියමු. වැඩක් නෑ. File System එකෙන් ආයෙත් infect වෙනවා.
5.Macro viruses
මේ වර්ගය data files වලට තමයි හානිකරන්නෙ. Microsoft Office Word, Excel, PowerPoint සහ Access files
වලට හානි වෙනවා.

ලෝකෙ පලවෙනි computer virus එක හැදුවෙ මීට අවුරුදු 29 කට කලින්(එදා ඉඳන් අපිව කන්න හදනව).
Richard Skrenta කියලා මැක්සා ඩයල් එකක්. වැඩේ කියන්නෙ ඒ වෙනකොට මිනිහට වයස අවුරුදු 15 යි. වයිරස් එක තමයි Elk Cloner.

Richard Skrenta


දැන් බලමු Trojan Horse කිඅයන්නෙ මොකාද කියලා. කට්ටිය දන්නව ඇති නේ අර පරණ ග්‍රීක් කතාවක් තියෙන්නෙ Trojan Horse
කෙනෙක් ගැන. (දන්නෙ නැත්නම් google කරල බලන්න Trojan Horse Story කියල)

අන්න ඒ වගේ වැඩ කරන නිසා තමයි මෙයාලට trojans කියන්නෙ. virus වගේ තනිවම copy හදාගන්නෙ නෑ.
ඒත් වැදගත් වැඩසටහනක් වගේ පෙනී ඉන්නවා හැබැයි කරන්නෙ හොර වැඩ.internet හරහා තමයි ගොඩක්ම මේවා එන්නේ.Email attachments වලිනුත් එනවා. ගොඩක් දුරට keylogger(මෙයාලා ගැන කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති) කෙනෙක් වගේ වැඩ කරනවා.


worms කියන්නෙ පණුවන්ට නේ. ඇත්තටම මෙයාලා පණුවො වගේ කාගෙ හරි ඇඟ ඇතුලෙ තමයි ඉන්නෙ. ඒ කියන්නෙ වෙනත් files
ඇතුලෙ හැංගිලා ව්‍යාප්තවෙනවා. virus සහ worms අතර ප්‍රධාන වෙනස තමයි infect වෙන file types වෙනස් වීම.
worms ගොඩක් වෙලාවට ඉන්නෙ Word,Excel වගේ files ඇතුලෙ තමයි. ඒ වගේම network එකක් හරහා ඉබේම පණුවො වගේ පැටව් ගහලා ව්‍යාප්තවෙනවා.


ඉතින් ඔන්න ඕවා තමයි ප්‍රධානම දේවල්. දන්නවනේ මෙයාලගෙන් පරිස්සම් වෙන්න නම් හොඳ Virus Guard එකක් දාගෙන හැමතිස්සෙම
update එකේ තියාගන්න.ඒ වගේම
සැක කටයුතු Email එක්ක එන attachments open කරන්න එපා.
පුලුවන් නම් drives වල auto-run disable කරලා දාන්න.
වැදගත් data backup කරලා තියාගන්න.


Facebook වැඩ මෙන්න (Facebook Architecture)


මම නම් ගොඩක් දවසට උදේම දවස පටන් ගන්නෙ facebook පාරක් දාලා තමයි.මම හිතන්නෙ අපේ එළකිරි එකේ ගොඩක් අය එහෙමයි කස්ටිය facebook එක ගැන,Mark Zuckerburg ගැන එහෙම සෑහෙන්න විස්තර දන්නව ඇති නේ.හැබැයි නිකමටවත් හිතුවද මේක වැඩ කරන්නෙ කොහොමද කියල ?
මට නිකමට වගේ හිතුන නිසා පොඩ්ඩක් හොයල බැලුවා. වැඩේ ලේසි නෑ. මොකද facebook technical architecture එක ගැන හරි හමන්
විස්තරයක් හොයාගන්න අමාරුයි. මොකද මේක රහසක් විදියට තියාගන්න facebook team එක මාර ගේමක් දෙන්නෙ.3 tier architecture එක මත පදනම් උන facebook එකේ ඉහලම tier එක වන presentation tier එක ගැන විතරයි ගොඩක් අය දන්නෙ. ඒත් කොහොමහරි පොඩි පොඩි විස්තර ටිකක් හොයාගත්ත
facebook technical architecture එක ගැන.

ගොඩක් අය දන්නව ඇති facebook එක ප්‍රධාන වශයෙන්ම භාවිතාකරන්නෙ PHP කියන programming language එක.ඒ වගේම database සඳහා MySQL තමයි යොදාගන්නෙ. facebook headquaters පිහිටලා තියෙන්නෙ Palo Alto,California වල. හැබැයි ගේම දෙන්නෙ එතනින් නෙමෙයි. ප්‍රධාන server farm එක තියෙන්නෙ Santa Clara වල.මෙතන වැඩ කටයුතු බොහොම රහසිගතව තමයි සිද්ධ වෙන්නෙ.දන්නවනේ අවුලක් උනොත් මොකද වෙන්නෙ කියලා.




දැනට ලෝකය පුරා facebook web servers 30,000 ක් විතර ක්‍රියාත්මකයි. මේ servers වලින් තමයි කෝටි ගානකට facebook සේවය දෙන්නෙ.සාමාන්‍යයෙන් මේ server එකක 8 core processors වලින් සමන්විත 70 GB වගේ RAM තියෙන්නෙ. ප්‍රධානම මෙහෙයුම් පද්ධතිය විදියට භාවිතා කරන්නෙ 64-bit Linux.මොකද මෙයාලා LAMP තාක්ශණය නේ පාවිච්චි කරන්නෙ.(LAMP= Linux,Apache,MySQL,PHP). තනිකරම Open Source යොදා ගන්නෙ. ඒ වගේම facebook
engineers ලා විසින් දියුණු කරන ලද යම් යම් රහසිගත frameworks වලින් තමයි වැඩ කරන්නෙ.

(facebook server farm එකක්)

මම කිව්වනේ PHP තමයි ප්‍රධානම language එක කියලා. මීට අමතරව C++, Java, Python, සහ Ruby කියන languages පාවිච්චි කරනවා.මේ ඔක්කොම languages එකට වැඩ කරන්නෙ මම අර කලින් කියපු frameworks හරහා තමයි.

facebook database වැඩ ගොඩක්ම කරන්නෙ MySQL වලින්. දැනට database servers 3000 ක් විතර ලෝකය පුරා තියනවා. මේවත් 64-bit Linux තමයි දුවන්නෙ.facebook database schema එක රහසක්. මේක එළි උනොත් ඉවරයි. මොකද හැකර්ලට වැඩේ ලේසි වෙනවා.තත්පරයට requests මිලියන 20 ක් handle කරනවා කියන්නෙ ලේසි නෑ. මේ නිසාම 20 terabyte වගේ cache servers කිපයකුත් යොදා ගන්නවා.වැඩේ කියන්නෙ අපි හිතමු ඔයාලා ෆොටෝ ඇල්බම් එකක් බලනවා කියලා.හිතමු පළවෙනි ෆොටෝ එක එන්නෙ ඇමරිකාවෙ database server එකකින් හැබැයි දෙවනි එක එන්නෙ රුසියාවෙ database server එකකින් වෙන්න පුලුවන්.මාරයි නේ..

මිලියන 500 කට වැඩි facebook users ලා හිටියට facebook engineers ල ඉන්නෙ 300 ක් වගේ ගානක්.ඒ වගේම දවසකට terabyte 25 ක විතර log data තියාගන්නවා.

ඔන්න ඔය වගේ තොරතුරු ටිකක් තමයි හොයාගත්තෙ. තව ටිකක් තියනවා ඒවා මම හිතන්නෙ කාටත් වැදගත් වෙන එකක් නෑ. මොකද ඒවා technical වැඩියි වගේ.

මේ තියෙන්නෙ facebook statistics ටිකක්

* Facebook was launched in February 2004 and had 1 million active users by December 2004

* Facebook has more than 500 million
active users

* Facebook had 50 million active users on October 2007

* Facebook had 100 million active users on August 2008

* 50 percent of @facebook active users log on in any given day

* An average @facebook user has 130
friends

* An average @facebook user spends 700 minutes per month on facebook

* More than 30 billion pieces of content
are shared on facebook each month

* An average @facebook user creates 90 pieces of content each month

* Each day, 50% of active @facebook users log in

* Each day, @facebook Pages have created

5.3 billion fans
* Each day, 55 million status updates are made on @facebook

* Each day, 35 million people update their status on @facebook

* Over 300,000 @facebook users helped translate the site to 70 available
translations

* About 70% of @facebook users are outside the United States

* More than 150 million active users
currently access @facebook through their
mobile device

* There are more than 550,000 applications currently on @facebook platform


Facebook users

10 Largest Countries

1. United States 148,867,700

2. Indonesia 34,496,880
3. United Kingdom 28,041,780
4. Turkey 25,420,400
5. Philippines 22,316,340
6. France 20,540,560
7. India 20,475,220
8. Mexico 20,221,700
9. Italy 17,997,800
10. Canada 16,810,340



මෙන්න ඔත්තුකාරයෙක් - All About Key Loggers



මේ කියන්න යන්නේ ඔත්තුකාරයෙක්(Spy) ගැන. මෙයාගේ වැඩේ තමයි ඔයාලගේ PC එකේ හැංගිලා ඉඳගෙන ඔයා කරන හැම දෙයක්ම පිටස්තර කෙනෙක්ට(Hacker) වාර්තා කරන එක.
උදාහරණයක් විදියට කිව්වොත් ඔයාලා සයිට් වලට ලොග් වෙන්න ටයිප් කරන usernames,passwords වගේම චැට් කරන දේවල් පවා හොර රහසේම වෙන කෙනෙක්ට යවන්න මෙයාට පුලුවන්. කොහොමද වැඩේ...
මේ ඔත්තුකාරයට කියන්නෙ Keylogger කියලා. මේකත් software එකක් තමයි(Hardware වලට සම්බන්ධ ඒවත් තියනවා). කවුරුහරි කෙනෙක්ට ඔයාගෙ තොරතුරු ගන්න ඕන්නම් කරන්නෙ මුලින්ම මේ keylogger program එකක් ඔයාගෙ PC එකට එවන එකයි. මේක එවන කෙනා ඔයාලටත් නොදැනීම මේක ඔයාගෙ PC එකේ install කරනවා. සමහරවිට වෙන software එකක් එක්ක හෝ යම් විදියකට install වුනා කියමු. එතැන ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ. මුලින්ම මෙයා කරන්නේ හැංගෙන එක. ඒ කියන්නෙ keylogger කෙනෙක්ගෙ process එක
සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න බෑ. ඊට පස්සෙ ඔයාගෙ සියලුම තොරතුරු FTP හරහා හෝ Email හරහා යවනවා.



අපි දැන් බලමු keylogger එකක් සාමාන්‍යයෙන් කරන දේවල්

* Logs all keystrokes, is case sensitive (keystroke logger).

* Makes screenshots within the specified time interval.

* Saves the applications’ running and closing.

* Watches clipboard contents.

* Records all print activity.

* Records disk changes.

* Records internet connections.

* Records all websites visited.

* Records startup/shutdown.

* All the information is stored in the encrypted log file.

* Generates the report in the text and html format.

* Sends the report to the specified email, via FTP or local area network.

* Works in the standard and hidden mode.

* In the hidden mode it is invisible in all operating systems (in Windows NT/2000/XP/Vista/Win 7 processes as well).

* Provides the opportunity to protect keylogger with the password, so that nobody except sender could view the logs.


මේ වැඩ වලට අමතරව තවත් විශේෂ වැඩ කරන්න පුලුවන්. ඒක keylogger software එක අනුව වෙනස් වෙනවා. තවත් දෙයක් තමයි ගොඩක් system administrators ලා මේ වගේ programs පාවිච්චි කරනවා තමන්ගෙ company එකේ තියන systems වල Network Troubleshoot කරන්න, ඒ වගේම සේවකයින්ගේ වැඩ ගැන හොයන්න වගේ දේවල් වලට. දෙමව්පියන්ට උනත් මේ keylogger එකක් පාවිච්චි කරලා තමන්ගේ ළමයි internet ගිහින් කරන්නේ මොනවද කියල බලන්න පුලුවන්.

පරිස්සම් වෙන්න. මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලගේ Facebook ,Email විතරක් නෙමෙයි Bank Account එක උනත් හැක් කරන්න පුලුවන්.සැක සහිත තැනකදි
Bank Account එකට එහෙම ලොග් වෙනවනම් Start-> Run -> osk ගිහින් Virtual Keyboard එකෙන් username,password ටයිප් කරලා අවදානම පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.සැඟවුනු Keylogger එකක් හඳුනගන්න පුලුවන් anti-keylogger programs තියනවා. ඒ වගේම අලුත් Anti-Virus software වලිනුත් හදුනාගන්න පුලුවන්.
හ්ම්ම්.. තවත් විස්තර නම් සෑහෙන්න කියන්න පුලුවන්. ඒත් සිංහලෙන් කොටන්න කම්මැලියි...

මේකට කියන්නේ reCAPTCHA කියලා.


ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ.

මේකට කියන්නේ reCAPTCHA කියලා.

reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා
CAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program).

වෙබ් අඩවියක් bot වර්ගයේ හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන්න තමයි CAPTCHA තාක්ෂණය භාවිතා කරන්නේ.
මේ bot වලට පුලුවන් මනුස්සයෙක් වගේ රඟපාන්න(imitates the behavior of a human). ඒ කියන්නෙ වෙබ් අඩවියක තියන form එකක් පුරවලා register වෙන්න,චැට් රූම් වල චැට් කරන්න,Spamming වගේ දේවල් ඉබේටම කරන්න මේ bots වලට පුලුව්න්.ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙබ් අඩවි වල register වෙන්න ගියාම මේ වගේ දෙයක්.


මේකෙන් බලන්නේ මේ register වෙන්න හදන්නේ ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් අර වගේ bot එකක් ද කියලා.මේ තියන වචනය bot එකකට අදුනගන්න බැහැ.
මනුස්සයෙක්ට විතරයි මේක හරියටම ටයිප් කරන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි CAPTCHA වැඩකරන්නේ.

හරි. දැන් අපි මාතෘකාවට එමු. reCAPTCHA කියන්නෙ මේ CAPTCHA තාක්ෂණයම භාවිතා කරන ගමන් තවත් ප්‍රයෝජනයක් ගන්න විදියක්. කොටින්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න විදියෙ වැඩක්.

reCAPTCHA වලින් කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් තියන පොත්,පත්තර වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න උදව් දීමක්(digitize books, newspapers and old time radio shows)
මේක ගොඩාක් අයගෙ උදව්වෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් විදියට කරගෙන යන දෙයක්. අරමුණ තමයි පැරණි ලේඛණ සංරක්ෂණය කිරීම. ඉතින් ගොඩාක් පරණ පොත්,පත්තර වගේ දේවල් scan කරලා ඒවායේ තියන වචන
ඩිජිටල් මාධ්‍යයට හැරවීමේදී ඒ වචන ඒ ආකාරයෙන්ම ලබා ගැනීම අපහසුයි.මොකද මේ පොත් scan කරලා ගන්නේ ෆොටෝ විදියටනේ(photographically scanned). ඉන්පසුව ම්රුදුකාංගයක්(Optical Character Recognition-OCR) මගින් අකුරු හඳුනාගන්නවා. නමුත් අපැහැදිලි අකුරු මේ විශේෂ ම්රුදුකාංග(OCR) වලට අඳුනා ගන්න අමාරුයි.


මෙන්න මෙතනදි තමයි අපේ සහයෝගය ඕන වෙන්නේ. ඒ විදියට අපැහැදිලි වචනයක් සමග අපිට දැනටමත් අඳුනාගත්
වචනයක් ඉදිරිපත් කරනවා.

එතකොට දැනටමත් දන්න වචනය අපි හරියට ටයිප් කලොත් මේ reCAPTCHA එකෙන් හිතාගන්නවා අපි දීපු උත්තරය හරි කියලා.
මේ විදියට එකම අපැහැදිලි වචනය කීප දෙනෙක්ට විසඳන්න දීලා වැඩිම ගනනක් තෝරපු වචනය හරි එක විදියට reCAPTCHA එකෙන් තෝරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදියට
දවසකට වචන මිලියන 200 ක් විතර මිනිස්සුන්ගෙ උදව්වෙන් විසඳගන්නවා.සරලවම කිව්වොත් මේක තමයි reCAPTCHA කියන්නෙ.

ඉතින් ඔයාලගේ වෙබ් සයිට්ස් වලටත් spamming වගේ කරදර තියනම් මේ reCAPTCHA එක පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ඔයාලට වගේම ලෝකයටත් සේවයක් වෙනවනේ.

Get reCAPTCHA

How Web Browser Works


පොඩ්ඩක් කියන්න හිතුව Web Browser එකක් වැඩ කරන හැටි. අපි ලේසියෙන්ම url එකක් ටයිප් කරල එන්ටර් එක ගහපු ගමන් හෝ ගාල සයිට් එක ලෝඩ් වෙනව වගේ ලේසි ගේම් එකක් නෙමෙයි මේක.
මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නෙ

1. url එක ගහල අපිට ඕන සයිට් එක කියනව. උදාහරණයක් විදියට www.google.com


2.ඊට පස්සෙ Web Browser එක ඉන්ටනෙට් එක්ක සම්බන්ධ වෙනව.


3.කෙලින්ම සම්බන්ධ වෙන්නෙ DNS Server එකට. DNS Server එකෙන් කරන්නෙ address resolution කරන එක. අපි ඉල්ලපු url එකට අදාල IP address එක තියන තැන පෙන්වන එක තමයි DNS Server එක කරන්නෙ. කෙටියෙන් කිව්වොත් බ්‍රව්සර් එකට මග පෙන්වීම.


4.දැන් අපේ බ්‍රව්සර් එක සයිට් එක හොයාගෙන එක එක networks හරහා යනව DNS Server එකෙන් කියපු විදියට.


5.ඔන්න දැන් DNS Server එකෙන් කියපු පොට් එකට ආව. මේක Hosting Server එකක්. මේ server එකේ තමයි අදාල IP address තියෙන්නෙ.


6.දැන් බ්‍රව්සර් එක අදාල සයිට් එක එක්ක communicate කරනව.


7. ආයෙත් අපි හොයාගෙන එනව.


8.වැඩේ හරි. ඔන්න මම හොයන් ආව කියල අපිට සයිට් එකේ තියන දේ පෙන්නව.



හරිම සරලයි නේද ?
ඒත් ඇත්තටම එහෙම සරල නැහැ.


තව ටිකක් ගැඹුරින් කිව්වොත් මෙහෙම දෙයකුත් වෙනව. මෙන්න මේ විදියට තමයි ඇත්තටම Web Browser එකක් වැඩ කරන්නෙ.
Web Browser එකක මූළිකම කාර්ය තමයි Web Page එකක් දර්ශනය කරන එක(fetch and display a web-page). Rendering Process කියලත් කියනව.
මේක කරන්න ප්‍රධාන පියවර කීපයක් තියනව.

Rendering Process


* Load the HTML
වෙබ් අඩවිය ගබඩා කර ඇති තැනින්(Server) දත්ත ලබා ගැනීම. සාමාන්යෙන් HTTP කියන Protocol එක හරහා තමයි දත්ත ලබාගන්නෙ. මේ ක්‍රමයට කියන්නෙ client-server architecture එක කියල. මෙතනදි client විදියට අපි වෙනුවෙන් ක්‍රියාකරන්නෙ Web Browser එක.

client-server architecture

* Parse it
parse කරනව කියන්නෙ ලබාගත්ත HTML elements ටික හරි පිලිවෙලකට හදාගන්න එකට.

* Apply styles
ඕනම වෙබ් පිටුවක තියනවනේ ඒක ඩිසයින් කරද්දි පාවිච්චි කරපු ස්ටයිල් එකක්. ඒ ස්ටයිල් එක වෙබ් පිටුවල අවශ්‍ය තැන් වලට යොදන එක තමයි මෙතනදි වෙන්නෙ. අමතර style sheets(CSS files) එහෙම තියනම් ඒවත් මේ සඳහා යොදාගන්නව.

* Build frames
දැන් තමයි නියමාකාරයෙන් වෙබ් පිටුව ගොඩනංවන්නෙ. height, width, border, spacing, padding, margin, position වගේ ඒව ඔක්කොම apply කරනව මේ පියවරේදි.

* Layout the frames (flow)
මෙතනදි තමයි වෙබ් පිටුවෙ flow එක හදාගන්නෙ. ඒ කියන්නෙ elements නියමිත තැන්වලට place කරනව.

* Paint the frames
අවසානයේ අපිට වෙබ් පිටුව ලස්සනට පෙන්නන එක.