Demo Site

Sunday, November 6, 2011

ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු


Facebook අපි ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා නේද. කෑවෙ නැතත් බිව්වෙ නැතත් FB යන්න තියනම් ඇති. 
සමහර අය ගොඩාක් පෞද්ගලික දේවල් පවා FB එකේ share කරනවා. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අපේ Account එක හැක් කලා කියලා. හිතන්නත් අමාරුයි නේද ඒ වගේ දෙයක් ගැන. විශේෂයෙන්ම girlsලගෙ accounts හැක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මට හිතෙන විදියට ප්‍රධානම දේ ආරකශාව ගැන වැඩි තේරුමක් නැතිකම. අඩුම තරමින් Facebook එකෙන් දීලා තියන security settings වත් පාවිච්චි කරනවනම් හොඳයි. මම මේ security settings ගැන දාන්න
හිතුනෙ මගේ යාලුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද එයාටත් මේ settings ගැන අවබෝධයක් නැතිකම නිසා වලක්වගන්න තිබුන දෙයක් වලක්වගන්න බැරි උනා.

දැනට Facebook එකෙන් ප්‍රධාන security settings 6ක් දීලා තියනවා active කරගන්න




1.Secure Browsing




මේකෙන් කරන්නෙ https(Hypertext Transfer Protocol Secure) කියන protocol එක active කරන එක. සාමන්‍ය http පාවිච්චි කරනවට වඩා ආරක්ශිතයි. මොකද මේ ප්‍රොටෝකෝලය හරහා දත්ත හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කියන්නෙ අතරමැදියෙකුට මේ දත්ත කියවන්න අමාරුයි. මේ setting එක enable කරලා තියාගන්න.

2.Login Notifications


අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් උනොත් මේ setting එක enable කරලා තියනම් අපිට ඊමේල් එකක් හෝ sms එකක් එනවා. වෙන කවුරුහරි අපේ ෆේස්බුක් එකට ලොග්
උනොත් දැනගන්න පුලුවන්.

3.Login Approvals


මේ setting එක ගොඩාක් වැදගත්. අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් වෙන්න හදනව නම් අපේ අනුමැතිය ඕන වෙනවා. ඒ කියන්නෙ අපිට ෆේස්බුක් එකෙන් sms එකක් එවනවා security code එකක්. ඒ code එක නැතුව වෙනත් ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ. හැබැයි මේක වාතයක් වෙන වෙලාවලුත් තියනවා. sms එක එන්න ප්‍රමාද උනොත් එහෙම.
4.App Passwords


skype වගේ applications වලට ලොග් වෙන්න අවශ්‍ය කරන password එකක් තමයි මේක. ලේසියෙන්ම ආරක්ශිතව ෆේස්බුක්
හරහා ස්කයිපි වගේ ලොග් වෙන්න පුලුවන්.


5.Recognized Devices


තමන් නිතර නිතර ෆේස්බුක් ලොග් වෙන ආරක්ශිත ඩිවයිසස් සේව් කරලා තියාගන්න පුලුවන්. තමන්ගෙ ලැප් එක. මොබයිල් ෆෝන් එක වගේ ඒවා සේව් කරලා තියාගන්න. එතකොට වෙනත් තැනකින් ලොග් උනොත් දැනගන්න පුලුවන්.

6.Active Sessions



මේ setting එකෙන් අපි කලින් ලොග් උන තැන් සේව් කරලා තියාගන්නවා. අපිට බලන්න පුලුවන් සැක හිතෙන තැනකින් ලොග් වෙලාද කියලා. සැක හිතෙන තැනක් තියනම් end activity ක්ලික් කලාම session එක අයින් වෙනවා. ආයෙත් එතනින් ලොග් වෙනව නම් අපේ අවසරය ඕන වෙනවා.


මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ.


මේ ටික තමයි සරලම ආරක්ශිත ක්‍රම ටික. මම හිතන්නෙ ෆේස්බුක් පාවිච්චි කරන හැමොම මේ ප්‍රධානම settings 6 වත් active කරලා
තියාගන්න එක හොදයි.

Saturday, October 15, 2011

Android ගැන සරලව...


Android කියන වචනේ ගොඩක් දෙනෙක් අහල ඇති. ඒ වගේම Android ෆෝන් පාවිච්චි කරන අයත් ඕන තරම් ඇති. ඒත් මේ ගැන හරියටම දන්නවද?
සරල විදියට කියනව නම් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මෘදුකාංග එකතුවක්. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්ධතිය(Mobile OS) ගැන විතරයි. 2005 වර්ෂයේදි Google විසින් Android Inc සමාගම මිලට ගත්තට පස්සෙ දැන් මේක ගූගල් සමාගමේ ව්‍යාපෘතියක් විදියට තමයි තියෙන්නෙ. Android Open Source Project (AOSP) මේක තනිකරම විවෘත මෘදුකාංග එකතුවක්. ඒ කියන්නෙ මේකෙ source codes ඕන කෙනෙක්ට ගන්න පුළුවන්.
මේ මෘදුකාංග එකතුව හැදිල තියෙන්නෙ Operating System (OS), Middleware සහ Applications වල එකතුවකින්. Android OS එක හදලා තියෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන. ඒ කියන්නෙ Linux kernel 2.6 එක ජංගම දුරකතන වලට ගැලපෙන විදියට වෙනස් කරල තියෙන්නෙ. මොකද ජංගම දුරකතනවල memory සහ processing power, සහ battery power එක පරිගණක වලට සාපේක්ශව අඩු නිසා.


Android applications ලියන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ Java programming language එක. ජාවා ගැන දන්න අය දන්නව ඇති ජාවා ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න virtual machine එකක් ඕන. JVM තමයි සාමාන්‍යයෙන් ජාවා ප්‍රෝග්‍රෑම්ස් පාවිච්චි කරන virtual machine එක. ඒත් Android වලදි මේ වෙනුවෙන් විශේෂයෙන්ම දියුණු කරපු Dalvik Virtual Machine එක තමයි පාවිච්චි කරන්නෙ. පහල රූපයේ මම දාලා තියෙන්නෙ Android Architecture එක.

                                 Android Architecture

ඇන්ඩ්‍රොයිඩ් ජාවා මූළික උනත් මේකෙ කොළපාට කොටුව ඇතුලෙ තියන components ඔක්කොම වගේ C programming language එක පාවිච්චිකරල තමයි ලියල තියෙන්නෙ. නිල් පාට කොටස් ඔක්කොම ජාවා වලින්.
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන්ස් ඔක්කොම multi threaded  ක්‍රමයට තමයි තියෙන්නෙ. process වෙන වෙනම run වෙන නිසා එක process එකකින් තව එකකට වෙන බලපෑම අඩුයි. ඒ නිසා කාර්යක්ශමතාව වැඩියි. හැබැයි වැඩි මතක ධාරිතාවක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් OS එකට අවම 40MB වගේ මතකයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නවනම් අඩුම තරමේ 64MB වලට වැඩි මතකයක් තියන එකක් ගන්න බලන්න. ඒ වගේම processor එක උනත් ප්‍රබල වෙන තරමට හොඳයි.

3D graphics සඳහා OpenGL කියන තාක්ශණය පාවිච්චි කරන නිසා හොඳට ත්‍රිමාණ රූප බලාගන්න පුළුවන්.


                                         Life cycle of an android application

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග සැලසුම් කරලා තියෙන්නෙ මතකය ඉතාම කාර්යක්ශම විදියට පාවිච්චි වෙන විදියට. ඕනම කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හදන්න පුළුවන් විදියට Google එකෙන් Android SDK(මෘදුකාංග සංවර්ධන කට්ටලය) ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. ඒක නිසා කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්.

http://developer.android.com/index.html
මේ වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග 520000 කට වඩා හදලා තියනවා.



ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන්ස් කිපයක් නිකුත් වෙලා තියනවා.

Android versions history
1.0 Released 23 September 2008
1.5 Cupcake Based on Linux kernel 2.6.27. On 30 April 2009
1.6 Based on Linux kernel 2.6.29 On 15 September 2009
2.2 Froyo  latest release.Based on Linux kernel 2.6.32. On 20 May 2010
2.3.x Gingerbread Based on Linux kernel 2.6.35. On 6 December 2010
3.x Honeycomb Based on Linux kernel 2.6.36. On 22 February 2011
4.x Ice Cream Sandwich officially announced during the 2011






Monday, June 20, 2011

Kaspersky 2012

කැස්පර්ස්කි ගැන විශ්වාස කරන අයට පුළුවන් දැන් අලුත්ම කැස්පර්ස්කි 2012 පාවිච්චි කරන්න.අලුත් එකේ ගොඩාක් අලුත් features එකතු කරල තියනවා.. දැනටමත් අපේ කට්ටිය මේක පාවිච්චි කරනවා ඇති.interface එක උනත් මාර ලස්සනයි. හැබැයි 2011 එකට වඩා ටිකක් memory usage එක නම් ටිකක් වැඩියි වගේ 
Kaspersky Internet Security සහ Anti Virus කියල වර්ශන් දෙකක් තියනවා. කැමති එකක් ගන්න පුලුවන්.මම නම් දාලා තියෙන්නෙ Kaspersky Internet Security එක.

මෙතනින් ගන්න පුලුවන්. Trial එක දවස් 30 ක් දෙන නිසා ඒක දාගෙන බලන්න.

http://www.kaspersky.com/internet-security-2012


මේ තියෙන්නෙ Main Interface එක. ලස්සනයි වගේම පහසුයි කලින් එකට වඩා.




Application Control Alerts



Kaspersky Tools



Scanner



Parental Control - මේකෙන් අනිත් ‍යූසර් අකවුන්ට් උනත් පාලනය කරන්න පුලුවන්


File Advisor - ඕනම file එකක විශ්වාසනීය බව තහවුරු කරගන්න පුලුවන්.




URL Advisor - මේක නම් ගොඩක් වැදගත්. සයිට් එකකට යන්න කලින් ඒකෙ විශ්වාසනිය බව දැනගන්න පුලුවන්. විශේෂයෙන්ම ෆිශින් සයිට්ස් වලට කැස්පා යන්න දෙන්නෙ නෑ..



Key Features


  • Kaspersky URL Advisor Marks web links with a color-coded tag that shows their danger level and allows you to choose whether to open them Improved!
  • Kaspersky File Advisor Checks file safety with a single click of the mouse New!
  • System Watcher Monitors suspicious application activities and allows you to roll back system changes made by malware Improved!
  • Application Control Restricts program access to personal data and system files according to the level of danger that each program presents Improved!
  • Safe Run Mode Lets you launch suspicious applications and websites in a special, isolated environment where they cannot harm your computer
  • Two-way personal firewall Protects against hacker attacks
  • Anti-Phishing and Anti-Spam technology Provides reliable protection for your personal information and guards against unwanted spam and adware Improved!
  • Parental Control Provides flexible and effective settings to keep children extra-safe when they use computers and the Internet Improved!
  • Completely redesigned interface Makes navigating around security settings inside Kaspersky Internet Security 2012 quick and easy New!

ඔන්න ඔය වගේ ගොඩක් දේවල් අලුතෙන් එකතු කරල තියනවා... කැමති කට්ටිය ටෙස්ටින් පාරක් දාල බලන්න,

System Requirements


Operating Systems Hardware Requirements
  • Microsoft Windows XP Home Edition (Service Pack 2 or higher)
  • Microsoft Windows XP Professional (Service Pack 2 or higher)
  • Microsoft Windows XP Professional 64-bit Edition (Service Pack 2 or higher)
  • Processor 800 MHz or higher
  • 512 MB available RAM
  • Microsoft Windows Vista Home Basic (32/64-Bit)
  • Microsoft Windows Vista Home Premium (32/64-Bit)
  • Microsoft Windows Vista Business (32/64-Bit)
  • Microsoft Windows Vista Enterprise (32/64-Bit)
  • Microsoft Windows Vista Ultimate (32/64-Bit)
  • Microsoft Windows 7 Starter
  • Microsoft Windows 7 Home Basic (32/64-Bit)
  • Microsoft Windows 7 Home Premium (32/64-Bit)
  • Microsoft Windows 7 Professional (32/64-Bit)
  • Microsoft Windows 7 Ultimate (32/64-Bit)
  • Processor 1 GHz or higher
  • 1 GB RAM (32-Bit) or 2 GB RAM (64-Bit)
Required for all Installations
  • About 480 MB free space on the hard drive (depending on antivirus database size)
  • CD/DVD drive for installation of the program from CD ROM
  • Computer mouse
  • Internet connection for product activation
  • Microsoft Internet Explorer 6 or higher
  • Microsoft Windows Installer 2.0

Please Note: Safe Run Mode doesn't work with Microsoft Windows XP 64-bit, and works with limitations on Microsoft Windows Vista 64-bit and Microsoft Windows 7 64-bit.

Hardware Requirements for Netbooks
  • CPU: Intel Atom 1.6 Ghz
  • RAM: 1GB DDR2
  • Hard Disk: 160GB
  • Video Card: Intel GMA950
  • Screen: 10.1’’, 1024x600 widescreen
  • OS: Microsoft Windows XP Home Edition

Wednesday, June 15, 2011

මොනවද මේ Hybrid කියන්නේ



මොනවද මේ Hybrid කියන්නේ ????


දැන් අලුත්ම රැල්ල තමයි hybrid. අලුතෙන් වහනයක් ගන්න යන හැමෝම වගේ hybrid car ගන්න තමයි කැමති. මේ thread එකේ අරමුණ තමයි hybrid vehicles ගැන පොඩි අවබෝධයක් ලබාදෙන එක. (මේ කරුණු මම අන්තර්ජාලයෙන් හොයාගත්තු හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්).


මේ thread එක කොටස් 3 කට කඩලා මම ඉදිරිපත්කරනවා.


1.ඉතිහාසය සහ හැඳින්වීම
2.hybrid වාහන ක්‍රියාත්මකවීමේ තාක්ෂණය
3.විවිඩ වර්ගයේ hybrid කාර් සහ ඒවායේ සංසන්දනයක්

1 වන කොටස



Hybrid කියලා කියන්නේ දෙමුහුන් කියන එක. ඒ කියන්නේ වහනය දුවන්න energy sources දෙකක් පාවිච්චි වෙනවා කියන එකයි. Moped බයිසිකලේත් (pedal කරන මදුරුවා) hybrid වාහනයක් තමයි (petrol + human energy). Hybrid වර්ග ගොඩක් තිබුනත් අපි දන්නා hybrid කාර් ඔක්කොම Gasoline-Electric කියන වර්ගයේ ඒවා. ඒ කියන්නේ petrol සහ electric දෙමුහුන් කියන එකයි. (Diesel-Electric තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.)

මුලින්ම අපි මේ hybrid වල ඉතිහාසය පොඩ්ඩක් හොයල බලමු


Hybrid ගැන 1800 ගණන් වල ඉඳලා ලෝකයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒත් Hybrid කියලා පිළිගන්න මුල්ම වහනය හදල තියෙන්නේ 1898 දී ජර්මනියේ Ferdinand Porsche කියන එක්කෙනා. (මෙයා තමයි ලෝක ප්‍රසිද්ධ Porsche සමාගමේ නිර්මාතෘ, මේ කාර් එක හදනකොට එයාගේ වයස අවරුදු 23යි ලු ) එයා මුලින්ම හදපු කාර් එකට බැටරියෙන් විතරක් සැතපුම් 40 ක් යන්න පුළුවන් වුනාලු.



මේ තියෙන්නේ ඒ කාර් එක... (මං හිතන්නේ මේ කාර් එක එලවන්නේ ඩයල් එක තමයි)



ඊට පස්සේ hybrid කාර් හදන්න විවිධ උත්සාහයන් තිබුනත් සාර්ථක ලෙස hybrid එකක් හදල තියෙන්නේ 1960 ගණන් වල Victor Wouk විසින්. “Hybrid පියා” ලෙස සැලකෙන්නේ Victor Wouk ව තමයි. නමුත් මේ විදිහට හදපු කිසිම hybrid කාර් එකක් තොග වශයෙන් නිෂ්පාදනය ( Mass Production) කරන්න පුළුවන් මට්ටමේ තිබිල නෑ.
ලෝකේ මුලින්ම Mass Production කරපු hybrid කාර් එක තමයි Toyota Prius. ඒක මුලින්ම market එකට දාල තියෙන්නේ 1997. ඒ කාලෙදිම වගේ Audi සමාගමෙනුත් hybrid එකක් European market එකට දාල තියෙනවා. Honda Insight ඒක ඇවිල්ල තියෙන්නේ 1999 දී. දැන්නම් ගොඩාක් සමාගම් විශාල වශයෙන් hybrid වාහන නිෂ්පාදනය කරනවා.




මේ තියෙන්නේ 97 හදපු Prius එක (Prius 1st generation)

Hybrid සාමාන්‍ය වාහනයකින් වෙනස් වෙන්නේ ධාවනය වීමට බලය ලබාගන්න ක්‍රමයෙන් වීතරයි. මේකෙත් සාමාන්‍ය engine එකක් තියෙනවා. ඊට අමතරව තව උපාංග කිහිපයකුත් තියෙනවා.



ඒ උපාංග මොනවද??


1.Generator - මේකෙන් කෙරෙන්නේ එන්ජිමෙන් දෙන power ඒකෙන විදුලිය නිෂ්පාදනය කරන එකයි
2.Battery pack – generator ඒකෙන නිපදවන විදුලිය ගබඩා කරගැනීමයි බැටරියෙන් කෙරෙන්නේ
3.Electric motor - මේක තමයි එන්ජිමට අමතරව රෝද කරකවන්න බලය ලබාදෙන්නේ. මේකට විදුලි බලය ලබාදෙන්නේ generator එකෙන්


මේ තියෙන්නේ Toyota hybrid engine එකක්








මූලික වශයෙන් hybrid වර්ග 3ක් තියෙනවා


1.Parallel hybrid
2.Series hybrid
3.Parallel-Series hybrid (Power Split)


මේ හැම වර්ගයකම මුලින් කියපු උපාංග ටික තියෙනවා. ඒවා සම්බන්ධ වෙන විදිහ අනුව තමයි මේ වර්ග තුන වෙනස් වෙන්නේ


Parallel hybrid


Parallel hybrid වාහන වල එන්ජිමයි මෝටර් එකයි දෙකම ගියර් බොක්ස් එක හරහා රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට එනේජිමෙනුත් මෝටර් එකෙනුත් ලබාගන්නා බලය වෙනස් කරමින් කාර් එක දුවන්න පුළුවන්.( එක automatically සිද්ධ වෙනවා) සාමාන්‍යයෙන් වහනය දුවන්නේ නැති වෙලාවට (idling) සහ low speed වලදී බලය මුළුමනින්ම ලබාදෙන්නේ මෝටර් එකෙනුයි. High power ඕන වුන වෙලාවට එන්ජිම on වෙනවා. මේකේ petrol හොඳට කරනවා කියලා කියන්නේ වේගයෙන් යනකොටයි. මෙම වර්ගයේ hybrid වල භාවිතා වෙන්නේ අනෙක් වර්ගවලට වඩා විශාල එන්ජිමක් වුවත් battery pack එක සහ මොර්ටරය කුඩායි.Honda Insight, Civic, Accord කියන කාර් මෙම වර්ගයට අයිති වෙනවා.




Series hybrid



මේ වර්ගයේදී engine ,Generator සහ motor කියන තුන එක පේලියට සම්බන්ද වෙනවා. එන්ජිමෙන් කෙලින්ම Generator එක කරකවනවා, ඊට පස්සේ එකෙන් නිපදවන විදුලියෙන් මෝටර් එක වැඩ කරනවා. මෝටර් එක ගියර් බොක්ස් එක හරහා රෝද වලට බලය ලබා දෙනවා. මේ වර්ගයේදී Parallel වර්ගය වගේ කෙලින්ම එන්ජිම ගියර් බොක්ස් එකට සම්බන්ද වෙන්නේ නෑ. මේ මාදිලියේදී පාවිච්චි වෙන එන්ජිම කුඩා වුනත් ලොකු battery pack එකක් ඕන වෙනවා, ඒ හින්ද parallel මාදිලියට වඩා මිල අධිකයි. එන්ජිම එලින්ම රෝද වලට සම්බන්ධ නොවන නිසා වාහනයේ වේගය වෙනස්වීමේදී ඇතිවන load variation වල බලපෑමක් ඇතිවන්නේ නෑ, මේ නිසා මෙම වර්ගයේ වාහන traffic එකේදී (stop and go) හොඳට petrol කරනවා. ඒක නිසා hybrid බස් වලට යොදාගන්නේ මේ තාක්ෂණය තමයි. Chevrolet Volt කියන කාර් එක මේ වර්ගයට අයිතියි.






Parallel-Series hybrid (Power Split)


මේ වර්ගය ඉහත සඳහන් කරපු වර්ග දෙකේම එකතුවක්. මේ රූපයෙන් ඒක පැහැදිලි වෙයි. අනෙක් වර්ග දෙකටම වඩා efficiency වැඩි මේ වර්ගය කියලයි කියන්නේ. Ford Escape and Toyota Prius මේ මාදිලියට අයිතියි.



 

Hybrid වාහන හොඳට petrol කරන්නේ කොහොමද?


පෙට්‍රල් එන්ජිම සහ මෝටරය කියන දෙකේ ක්‍රියාකාරිත්වය optimize කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුච්චන ඉන්ධන වලින් උපරිම බලය ගන්න පුළුවන් වෙන විදිහට design කරලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවල් වලදී විතරයි එන්ජිම පාවිච්චි කරන්නේ.



ඒ වගේම සැහැල්ලු අමුද්‍රව්‍ය තමයි මේ වාහන හදන්න යොදාගෙන තියෙන්නේ. තවත් දෙයක් තමයි කාර් එකේ body shape එක, වාත ප්‍රතිරෝධය අවම වෙන විදිහට (Aerodynamically) නිර්මාණය කරලා තියෙනවා. මීට අමතරව brake කරනකොටත් අපතේ යන ශක්තිය ගබඩා කරගන්නවා.


ඒ කොහොමද??


සමාන්‍යයෙන් මෝටරය සහ Generator කියන්නේ එකම උපාංගයට . මෝටරයක් ජෙනියක් ලෙසත් ජෙනියක් මෝටරයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. මොටරයට විදුලි බලය දුන්නම එක කැරකෙනවා. ඒ වගේම බාහිර ශක්තියක් යොදවලා මෝටරය කරකවන කොට එක තුල විදුලිය නිෂ්පාදනය වෙනවා (හරියට බයිසිකල් ඩයිනමෝර් එක වගේ) ඉතිං hybrid වාහන වල කරන්නේ බ්රේක් ගහන වෙලාවට මොටරයට දෙන විදුලිබලය කපාහරින එකයි. එතකොට ඒක Generator එකක් විදිහට වැඩ කරනවා. එයින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරගන්නවා. මෝටරය ජෙනියක් විදිහට වැඩ කරනකොට එක ඇතුලේ ඇතිවන චුම්බහ ක්ෂේත්‍රය නිසා මෝටරය කැරකීමට එරෙහිව බලයක් යෙදෙනවා. එතකොට ඉබේම වේගය අඩු වෙනවා. මෙමගින් බ්‍රේක් ගැසීමට යොදන බලයත් අඩු වෙනවා. මේ ක්‍රමයට කියන්නේ Regenerative braking කියලා. (කෝච්චි වල Dynamic Braking කියලා කියන්නෙත් මේ මූලධර්මයට තමයි. වෙනසකට තියෙන්නේ කෝච්චිවල බැටරි චාර්ජ් කරන්නේ නැතිව එම නිපදවෙන විද්‍යුත් ශක්තිය තාපය ලෙස මුදාහරින එකයි.)

අපි දැන් බලමු මුලින් සඳහන් කරපු Hybrid වර්ග තුන විවිධ ධාවන තත්වයන් යටතේදී ව්රියත්මක වෙන විදිහ. පහල දාල තියෙන diagrams ටික බැලුවම hybrid වැඩකරන විදිහ එළකිරි වගේ තේරුම්ගන්න පුළුවන්....








මුලින්ම parallel වර්ගය. (මතකයිනේ Honda Insight, Civic, Accord මේ type එකේ තමයි)

Start වීම






සාමාන්‍ය වහනයක starter motor එකමගින් එන්ජිම කරනවා වගේම තමයි. (හැබැයි වෙනම starter motor එකක් නෑ)



Accelerate වීම





මේ වෙලාවේදී තමයි වැඩි ජවයක් ඕන වෙන්නේ. ඒක හින්දා එන්ජිමයි මෝටරෙයි දෙකම වැඩකරනවා.



වැඩි වේගයකින් ඒකාකාරව ගමන්කිරීම. (highway එකක වගේ)




සම්පූර්ණ බලය යොදන්නේ එන්ජිමෙන්, ඒ අතරම බැටරියත් චාර්ජ් කරගනවා.


Brake ගහනකොට






Regenerative brake පද්ධතිය වැඩකරන්න පටන්ගන්නවා, රෝදවලින් ලැබෙන බලයෙන් ජෙනිය කරකවලා එමගින් නිපදවෙන විදුලියෙන් බැටරිය චාර්ජ් කරනවා.


ඉතුරු මාදිලි දෙකෙත් මේ විදිහටම තමයි වැඩේ සිද්දවෙන්නේ, හැබැයි අදාල උපාංග ටික සම්බන්ධ වෙලා තියෙන විදිහ තමයි වෙනස්. 

Series









Series Parallel (Toyota Prius)







මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන හොඳම hybrid වාහන 15. ඒ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව(kilo meters per liter), පරිසර හිතකාමීබව, නිෂ්පාදන වියදම හා එහි ඵලදායීතාව හා forced features යන කාරණා මත පදනම්ව තමයි මේ විදිහට පෙලගස්වලා තියෙන්නේ.....




මේකේ කියන්නේ traffic එකේ සහ වේගයෙන් යනකොට(highway) කියන දෙකේම එකතුවකදී කොච්චර petrol කරනවද කියලයි. මතකතියාගන්න මේකේ ඇමෙරිකාවේ conditions වලට අනුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාව තීරණය කරලා තියෙන්නේ. අපේ පාරවල්වලදී මේක මීට වඩා වෙනස් වෙනවා (තාම ඉතිං මෙහේ highways නෑනේ...)



මේ තියෙන්නේ ලෝකයේ දැනට නිෂ්පාදනය කරලා තියෙන Hybrid කාර් කිහිපයක්


Toyota Prius







Prius තමයි ලෝකයේ ජනප්‍රියම හා මේ දක්වා වැඩිම අලෙවියක් ඇති hybrid වහනය.


Toyota Camry







Honda Insight







Honda Civic







Lexus HS250s




Lexus CT 200h






Chevrolet Volt






Chevrolet Malibu


Ford Fusion



Hyundai Sonata



Mercury Milan







Nissan Altima



Satern Aura




Originally Posted by  randext86 @ Elakiri
http://www.elakiri.com/forum/showthread.php?t=1145711