Demo Site

Saturday, March 15, 2014

නිර්ණාමිකව අන්තර්ජාලය සැරිසරන්න

පහුගිය දවස්වල ෆේස්බුක් එක බ්ලොක් කරන්න යන කතාවක් ඇදුන නේ. ඒ එක්කම අහන ලැබුන අමක් තමයි Tor කියන්නෙ. බ්ලොක් කරපු සයිට්ස් වලට ටෝ බ්‍රව්සර් එකෙන් යන්න පුලුවන් කියලා කට්ටියම දන්නවනේ දැන්.

ඒ උනාට ඒක ඇත්තද ? ඒක වෙන්නෙ කොහොමද කියල දන්නවද ?

Tor ගැන පොඩි විස්තරයක් තමයි මම මේ කියන්න හදන්නෙ. tor කියන්නෙ දැනට නොමිලේ ලබාගත හැකි නිර්ණාමිකව අන්තර්ජාලයේ සැරි සරීමට උදව් වෙන මෘදුකාංගයක්.

US Navy එකෙන් කරපු පර්යේශණයක් විදියට තමයි Tor බිහිවෙන්නෙ. විවිධ රටවල ඉන්න ඇමරිකානු ඔත්තු සේවා ඒජන්තයන්ට තොරතුරු හුවමාරු කරගන්න රහසිගත ක්‍රමයක් අවශ්‍ය උනා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි 1990 ගනන් වල onion routing project එක පටන් ගන්නෙ. onion routing කියන්නෙ layers විදියට දත්ත encrypt කරන තාක්ශණයක්. හරියට ළූණු ගෙඩියෙ පොතු තියෙන්නෙ layers විදියට. අන්න ඒ වගෙ දත්ත ආරක්ශා කරනවා.
මුලදි හමුදාව විතරක් මේ තාක්ශණය පාවිච්චි කලාට මේක 2002 වෙද්දි tor project එක විදියට සාමාන්‍ය පර්යේශකයන් විසින් තමයි දියුණු කරන්නෙ.

මේ මෘදුකාංගය අන්තර්ජාලයට සම්බ්න්ධ වෙන්නෙ tor network එක හරහා.ලෝකය පුරා විහුදුනු පරිගනක ජාලයකින් තමයි මේ ටෝ නෙට්වර්ක් එක හැදිල තියෙන්නෙ. මේ නෙට්වර්ක් එක හරහා අපි යවන අපේ දත්ත පැකට් encrypt කරලා තමයි යවන්නෙ.










 ඒ යවද්දි අපේ සමහර විස්තර ඇතුලත් packet headers වලින් සමහර දත්ත (addressing information that could be used to learn things about the sender such as the operating system from which the message was sent) ටෝ එකෙන් ඉවත් කරනවා. ඒක නිසා අපේ විස්තර IP location වගේ විස්තර track කරන්න අමාරුයි. මොකද අපි යන්න ඕන සයිට් එකට ලඟා වෙන්නෙ tor නෙට්වර්ක් එකේ රවුමක් ගහලා.
Google වගේ කට්ටිය අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන විදිය traffic analysis කරන බව කවුරුත් දන්නවනේ. අපි යන එන හැම සයිට් එකක්ම බලල තමයි එයාලා අපිට ඇඩ් එහෙම එවන්නෙ. ඒවට තොරතුරු ගන්නෙ අපි surf කරන විදිය analyze කරලා. ඒත් ටෝ පාවිච්චි කරද්දි අපිව track කරන්න අමාරුයි. මොකද අපේ destination IP එක පවා encrypt කරලා තියෙන්නෙ.
ටෝ නෙට්වර්ක් එක හැදිලා තියෙන්නෙ relays කියන ස්වේච්ඡා පරිගනක ජාලයකින්. අපිට උනත් අපේ බෑන්ඩ්විඩ්ත් එක ටෝ නෙට්වර්ක් එකට ලබා දෙන්න පුලුවන්. අපි යවන data packet (destination IP එක ඇතුළුව) encrypt වෙලා මුලින්ම ටෝ නෙට්වර්ක් එකේ relay එකකට සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ ඒ relay එකෙන් ඊලඟ relay එකට යවන්න ඕන තොරතුරු ටික විතරක් decrypt කරගන්නවා. ඊට පස්සෙ ඊලඟ relay එකට යවනවා. එයාත් කලින් විදියටම එයාට අවශ්‍ය තොරතුරු ටික විතරක් decrypt කරගෙන ඊලඟ කෙනාට යවනවා. හරියට ළූනු ගෙඩියෙ පොතු ගලවන්න වගේ layer එකින් එක තමයි decrypt වෙන්නෙ. මේ relays තෝරන්නෙ random විදියට. කොහොමහරි අන්තිමට සෙට් වෙන relay එකෙන් තමයි destination එකට අපේ දත්ත යවන්නෙ.

මේ තියෙන්නෙ උදාහරණයක්. මම tor හරහා FB ගියාම මගේ request එක ගිහින් තියෙන්නෙ ඉන්දියාවෙන්. :O

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.
Alice කියන කෙනාට Bob එක්ක සම්බන්ධ වෙන්නයි ඕන. මුලින්ම ටෝ නෙට්වර්ක් එකේ රිලේ ලිස්ට් එක ගන්නවා ඊට පස්සෙ රිලේ එකක් තෝරගන්නවා අහඹු ලෙස .
ඊට පස්සෙ මැසේජ් එක encrypt වෙලා රිලේ නෝඩ්ස් හරහා ලේයර්ස් decrypt වෙවී යනවා.
Alice කියන කෙනා වෙනත් සයිට් එකකට යද්දි කලින් පාත් එකේම යන්නෙ නැහැ. අහඹු ලෙස ගන්න වෙනත් පාරකින් තමයි යන්නෙ. මේක විනාඩි ගානෙන් ගානට පාත් එක වෙනස් වෙනවා. ඒක නිසා track කරන්න අමාරුයි.

destination එකේ direct IP එකට request යන්නෙ නැති නිසා අපේ ISP එකෙන් block කරපු සයිට්ස් වලට කිසි අවුලක් නැතුව යන්න පුලුවන්. :)
අනෙක අපේ destination එකට අපේ IP reveal වෙන්නෙත් නැහැ.

සාමාන්‍ය ක්‍රමයට internet යනවට වඩා මේක ටිකක් slow. හැබැයි anonymous යන්න පුලුවන්. ඒ වගේම ආරක්ශාකාරීයි. 

මේ සයිට් එකට ගිහින් tor browser bundle එක නොමිලේ ගන්න පුලුවන්
https://www.torproject.org/index.html.en

මේ browser bundle එක හදලා තියෙන්නෙ Firefox ESR version එක පාවිච්චි කරලා. කෙලින්ම බාගෙන ඉන්ස්ටෝල් කරගන පුලුවන්. configurations හදන්න දෙයක් නැහැ.